අපද්‍රව්‍ය කම්හලක ගින්නක්-විෂ දුමාරයෙන් ඉන්දීය ගිනි නිවන භටයන්ටත් ගැටළු

අපද්‍රව්‍ය කම්හලක ගින්නක්-විෂ දුමාරයෙන් ඉන්දීය ගිනි නිවන භටයන්ටත් ගැටළු

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචි නගරයේ අපද්‍රව්‍ය කම්හලක ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඇතිවූ ගින්න හේතුවෙන් බොහෝ ප්‍රදේශ පුරා විෂ දුමාරයක් පැතිර ඇති අතර ගිනි නිවන භටයන් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රාදේශීය අපද්‍රව්‍ය කළමනාකරණ කම්හලක මෙම ගින්න ඇතිව ඇති අතර ආසන්න ප්‍රදේශවල සිටින ජනතාවට පිටතට යන අවස්ථාවේදී මුහුණු ආවරණ භාවිතා කරන ලෙස උපදෙස් දී ඇති බවත් වාර්තා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පාසල් වසා දැමීමට පළාත් පාලන ආයතන නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ

මෙම ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ගින්න සම්බන්ධයෙන් නගර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

ගිනි නිවන භටයෙක් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ අපද්‍රව්‍ය ගොඩවල්වලට යටින් ප්ලාස්ටික් ස්ථර රත් වීම හේතුවෙන් ගින්න නිවා දැමීමේ මෙහෙයුම ප්‍රමාද වන බවයි.

ගින්නෙන් ඇති වූ දුමාරය නිසා ගිනි නිවන භටයන්ට ඔක්කාරය හා ක්ලාන්තය ඇති වී තිබෙන අතර ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකු විෂ දුමාරයට නිරාවරණය වීමෙන් හුස්ම ගැනීමේ ගැටළු ඇති වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මේ අතර වැඩිහිටියන්ට, ළමයින්ට, ගර්භනී කාන්තාවන්ට සහ ශ්වසන ආබාධ ඇති අයට දුමට නිරාවරණය වීමෙන් වළකින ලෙස ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් උපදෙස් දී තිබෙනවා.

Share This