
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය විවෘත වෙයි
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් අද (20දා) විවෘත කෙරුණා.
2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධිවිධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සිදුකර අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කොට්ඨාසය අද (20) නිල වශයෙන් ඇරඹුණා.
මෙම කොට්ඨාසයේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ද නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ගුණතිලක මහතා ද කටයුතු කරනවා.
මෙම කොට්ඨාශය මගින් නීති විරෝධී ලෙස මුදල්, දේපළ සහ වත්කම් උපයා ගැනීම පිළිබඳ විමර්ශනය කිරීම සිදුවනවා.
මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද බලය හිමිව තිබෙනවා.