අපරාධ කල්ලි යටතේ තිබු හයිටි ඉන්ධන පර්යන්තයේ පාලනය එරට පොලිසිය යටතට( VIDEO)

අපරාධ කල්ලි යටතේ තිබු හයිටි ඉන්ධන පර්යන්තයේ පාලනය එරට පොලිසිය යටතට( VIDEO)

අපරාධ කල්ලි විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන ඉන්ධන ගබඩාවක් නැවත හයිටියේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ පාලනය යටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට රජය පවසන්නේ ඉන්ධන බෙදා හැරීම එළඹෙන සඳුදා සිට Cité Soleil ප්‍රදේශයේ Varreux පර්යන්තයෙන් නැවත ආරම්භ කරන බවයි.

ආනයනික ඉන්ධන බෙදා හැරීම අවහිර කරමින් මෙන්ම ආහාර සහ ඖෂධ බෙදා හැරීමට බාධා කරමින් මෙම අපරාධ කල්ලි පසුගිය සැප්තැම්බර් මාසයේදී එරට වරායද අත්පත් කර ගෙන තිබෙනවා

Varreux පර්යන්තය හයිටියේ තෙල් නිෂ්පාදන බොහොමයක් සපයන අතර එය මාසයකට වැඩි කාලයක් G9 ලෙස හඳුන්වන කල්ලි විසින් පාලනය කර තෙල් බෙදාහැරීම අවහිර කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවූ සැප්තැම්බර් 11 වැනිදා රජයේ ඉන්ධන සහනාධාරය අවසන් කරන බව අගමැති ඒරියල් හෙන්රි ප්‍රකාශ කිරීමෙන් පසු රට පුරා නොසන්සුන්තාද උත්සන්න වී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මෙම නොසන්සුන්තා මධ්‍යයේ එරට පොලිසිය මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු ඉන්ධන පර්යන්තය පාලනය කිරීමට සමත්ව තිබෙනවා

Share This