
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂධූරය ශානිට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරවයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදු ඇති බවයි වාර්තා වන්නේ.
ශානි අබේසේකර 1986 පෙබරවාරි 10 වන දින ශ්‍රී ලංකා පොලිසියට එක් වන්නේ කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ පුහුණුව ලබන්නේ පරිවාස උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසයි.
විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කර ඇති ඔහු නියෝජ්‍ය පොලිස්පති පුණ්‍යා ද සිල්වාගේ විශේෂ ඉල්ලීමක් මත ඔහු 1999 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මාරු කර තිබෙනවා.
2017 දී අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස පත් කරන ලද ඒ මහතා 2019 ජනාධිපතිවරණයෙන් පසු 2019 නොවැම්බර් 21 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කරන තෙක් එම තනතුරේ සේවය කළා.
2020 ජනවාරි 7 වන දින පොලිස් සේවයෙන් ඉවත් කර 2021 දී විශ්‍රාම ගියා.
ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්රහාරයන්ට ප්‍රතිචාර දැක්වූ ප්‍රතිචාර කණ්ඩායමට දැක්වූ සහයෝගය වෙනුවෙන් ඔහු INTERPOL මහලේකම්වරයාගෙන් ප්‍රශංසාවට ලක් වුණා.
වරදකරුවන් බවට පත් කිරීමට හේතු වූ මිනීමැරුම් නඩු විභාග 20 කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව නඩු විභාග 100 කට අධික සංඛ්‍යාවක ඔහු ප්‍රධාන පැමිණිල්ලේ සාක්ෂිකරු ලෙස කටයුතු කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසු, ජාතික පොලිස් කොමිසම විසින් වසරක කොන්ත්‍රාත් පදනමක් මත ශානි අබේසේකර මහතාගේ නැවත පත් කිරීම අනුමත කළා.