
අපරාධ විමර්ෂණ කොට්ටාශයෙන් පනින්න ගිය වලස්කටා ගේ පිම්ම වරදී
බස්නාහිර උතුර අපරාධ කොට්ටාසය භාරයේ සිටි කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙලේ සාමාජිකයෙකු පලා යෑමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ෂණ කොට්ටාශයේ තුන්වන මහලෙන් පැනීම හේතුවෙන් ඔහුට බරපතල තුවාල සිදුව ඇති බවයි.
ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන කෙහෙල්බද්ද පද්මේ නැමැත්තාගේ ප්‍රධානම ගෝලයෙක් වන වලස්කටා නැමැත්තා ඉකුත් 05 වැනිදා සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී සැකකරු සතුව තිබී හොරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 550ක් ද සොයාගත් අතර වැඩිදුර විමර්ශනවලදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ හඬපට කිහිපයක් ද සොයා ගැනීමටයි පොලිසියට හැකි වුණේ.
මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සහ ඉදිරි ඝාතන සැලසුම් පිලිබඳ එම හඬපටවල අන්තර්ගතවී තිබී ඇති අතර ඒවා කෙහෙල්බද්දර පද්මේ සමඟ පැවති සංවාද බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.
එලෙස අත්අඩංගුවට ගත් වලස් කටාගෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අරමුණින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉකුත් සිකුරාදා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදී හදිසි අනතුරු ඒකකයේ රඳවා ගැනීමෙන් පසු නැවත පොලිසියට භාර දී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සැකකරු බස්නාහිර පළාත් උතුර කොට්ඨාසයේ තුන්වන මහලේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී ඔහු පවසා ඇත්තේ තමන්ට වැසිකිලියට යාමට අවශ්‍ය බවයි.
පසුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඔහු ඒ සඳහා රැගෙන යන අතරතුර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තුන්වැනි මහලේ කුඩා ජනේලකින් පහළට පැන්න බව පොලිසිය පැවසුවා.
එහිදී මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට වැටී ඇති සැකකරුගේ දෙපාවල සහ එක් අතකද අස්ථි බිඳී ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
සැකකරු මේ වන විට රෝහල් ගතකර තිබෙනවා.