අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට සැලසුම් කර තිබෙනවා.

අමෙරිකාවේ නි‍ෂ්පාදනය නොකරන සියලුම මෝටර් රථ සඳහා තීරුබදු පැනවීමේ එම නියෝගයට අත්සන් තබන බවයි ඔහු ධවල මන්දිරයේ දී ප්‍රකාශ කර ඇත්තේ.

අප්‍රේල් 02 වැනිදා සිට එය ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 03 වැනිදා සිට බදු එකතු කිරීම ආරම්භ කරන බව ද ට්‍රම්ප් එහිදී සඳහන් කර තිබෙනවා.

එම තීරුබදු පැනවීමෙන් අමෙරිකානු නිෂ්පාදන දිරිමත් කෙරෙන බවත්, රජයට නව ආදායම් උත්පාදනය වන අතර ජාතික ණය අවම කර ගැනීමට එමඟින් හැකි වන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ තීරුබදු පැනවීමෙන් මෝටර් රථ මිල ඉහළ නැංවෙන අතර දැනටමත් ඉහළ මිල ගණන්වලට මුහුණ දී සිටින පාරිභෝගිකයින්ට එය හානිකර වනු ඇති බවයි.

Share This