අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය දෙන්න සැලසුම් සකසයි (වීඩියෝ)
ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස්කර ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරනවා.
ජනවාරි මස 25 වන දින සිට පෙබරවාරි මස 04 වනදා දක්වා විදුලිය කප්පාදුවක් සිදුකළ යුතු බවට විදුලිබල අමාත්‍යංශය මඟින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් මීට පෙර ඉල්ලීමක් සිදු කළා.
එම ඉල්ලීමට අනුව සිදුකළ සමාලෝචනයකින් අනතුරුවයි මහජන උපයෝගිතා කොමිසම මේ බව ප්‍රකාශ කළේ.