අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආ ගගනගාමීන් (VIDEO)

අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආ ගගනගාමීන් (VIDEO)

එක්සත් ජනපද ගගනගාමීන් තිදෙනෙකු සහ රුසියානු ගගනගාමියෙකුගෙන් සමන්විත SpaceX කාර්ය මණ්ඩලය සාර්ථකව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පෙර රැඳී සිටි හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය විසින් ඔවුන් පිළිගත් ආකාරය මෙලෙස දැකිය හැකියි.

එන්ඩෝවර් අභ්‍යවකාශ යානය ෆ්ලොරිඩාවෙන් ගමන් ආරම්භ කර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පැමිණ තිබෙනවා.

Crew-8 මෙහෙයුම මාස හයක් අභ්‍යවකාශයේ පවතින බව සඳහන්.

අභ්‍යවකාශය මෙහෙයුම් යනු යුක්‍රේන – රුසියා යුද්ධය නොතකා එක්සත් ජනපදය සහ රුසියාව සමීපව සහයෝගීව කටයුතු කරන ක්ෂේත්‍ර කිහිපයෙන් එකක් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This