අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

පස්වරු 5ට නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්නවත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වුණේ ඉකුත් සිකුරාදායි.

කලක් අක්මාවේ තදබල රෝගී තත්ත්වයකින් පෙළුණු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මිය යන විට 57 වන වියේ පසු වුණා.

අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය ඔහු පදිංචිව සිටි මහනුවර මහයියාවේ පිහිටි රත්වත්තේ වලව්වේ මේ වන විට තැන්පත් කර තිබෙනවා.

ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද පැමිණ සිටියා.

Share This