අභිනව ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

අභිනව ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා

එහිදී දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණි අභිනව ජනාධිපතිවරයාව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා

අනතුරුව දළදා සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළ අතර
ජනාධිපතිවරයා ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවා

Share This