අභිරහසක් වූ මවගේ ඝාතනය

අභිරහසක් වූ මවගේ ඝාතනය

නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

තම මවට දුරකථන ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව සොයාබලන ලෙසට ඇයගේ පුතා විසින් අසල්වාසී පුද්ගලයෙකුට කළ දැනුම්දීම මත එම පුද්ගලයා විසින් අදාළ නිවසට යාමේදී නිවසේ පිටුපස දොර විවෘත කර තිබීම සහ නිවස තුළින් දුඟදක් හැමීම හේතුවෙන් නාන්නේරිය පොලීසියට මේ පිළිබඳව දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ක්‍රියාත්මක වූ නාන්නේරිය පොලීසියේ නිලධාරින් විසින් එම නිවසට ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නිවස තුළ තිබී එම කාන්තාවගේ මළ සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 62ක් වූ පයිරික්කුලම, නාන්නේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිදුකළ විමර්ශනවලදී මෙම කාන්තාව දින කිහිපයකට පෙර මියගොස් ඇති බවත් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මිය ගිය කාන්තාවගේ මළ සිරුර අසළ තිබී පොරවක්ද හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට පෙර මියගොස් ඇති අතර ඇයගේ දියණියන් දෙදෙනා සහ පුත්‍රයා නිවසින් බැහැරව සිට රැකියාවල නියුතුවන බවත් මියගිය කාන්තාව පමණක් නිවසේ ජීවත්ව සිට ඇති බවත් තොරතුරු අනාවරණය වී තිබෙන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාන්නේරිය පොලීසිය සිදුකරනු ලබනවා.

Share This