අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් පිළියන්දලින් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් පිළියන්දලින් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් අද (27) දා සවස සොයාගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර කරන්ගොඩ රන්දැල්ල පෝරුවල මුල්ල කුමාරි මල්ලිකාරත්න නමැති විසිපස් හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.

පන්නිපිටිය පැලැන්වත්ත නා ගහ මාවත ප්‍රදේශයේ කුලී නිවසක මෙම කාන්තාව සිය පුරුෂයා සමග වාසය කර ඇතිි අතර
අද දහවල් එම නිවසට ගිය පුද්ගලයකු නිවස මැද මෙම කාන්තාව වැටී සිටින අයුරු දැක ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර තිබුණා.

මෙම කාන්තාවගේ සිරුරේ තුවාල කැලැල් කිසිවක් තිබී නොමැති අතර මෙයා මට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

එහෙත් මෙම කාන්තාවගේ සැමියා නිවසින් පලා ගොස් ඇති අතර ඔහු හා මෙම කාන්තාව අතර පසුගිය දින කිහිපය පුරා ආරවුල් හටගෙන තිබූ බව පොලීසිය කියයි.

සිද්ධිය වූ ස්ථානය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබූ අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This