
අභිරහස් ලෙස මියගිය තරුණයෙක් ගැන දෙහිවල පොලීසියෙන් පරීක්ෂණ
දෙහිවල, සිරිවර්ධන පාරේ නිවසක අභිරහස් ලෙස මිය ගොස් සිටි විවාහක ත්ෘණයකුගේ සිරුරක් ඊයේ [29] පිළිබඳ දෙහිවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු (23) ක් වන විවාහකයෙකු බවයි.
ඊයේ ප.ව.6.30 ට පමණ ඔහුගේ කාමරයේ ඇඳ මත මිය ගොස් සිටියදී බිරිද දැක පොලීසිය වෙත කළ දැනුම්දීමට අනුව දෙහිවල පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම මරණය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
