
අම්පාර – බන්ඩාරදුව ගම්වාසීන්ට ගෙදරත් ඉන්න බැරි වෙලා
අම්පාර – උහන – බන්ඩාරදුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වන අලි නිවසකට හානීකර වී කා දමා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ බන්ඩාරදුව ගමට පැමිණි වන අලි අද අළුයම නිවසක බිත්ති කඩා දමා ගබඩාකර තිබූ වී කා දමා තිබුණා.
ගම්වාසීන් පවසන්නේ තම ගෙවත්තේ බවභෝග පවා වන අලි වනසා දමන බවයි.
අලි වැටක් තිබුණ ද විදුලිය නොමැති කමින් එයින්ද පළක් නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.
කුඹුරු වැඩකට පවා යාමේ හැකියාවක් නොමැතිව පීඩා විඳින බන්ඩාරදූව ගම්වාසීන් දෛනික ජීවිතය පවත්වාගෙන යාමේ අර්බුදයකට ද මුහුණ පා සිටිනවා.