අම්බලන්ගොඩ අධිවේගී මාර්ග පිටතට යන ස්ථානයේ ලොරියක් පෙරළී ගින්නක්

අම්බලන්ගොඩ අධිවේගී මාර්ග පිටතට යන ස්ථානයේ ලොරියක් පෙරළී ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිටවීමේ මාර්ගයේදී ලොරියක් හදිසියේ ගිනිගෙන විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

පොලීසිය පැවසුවේ ලොරියේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.

වියළි ආහාර තොගයක් පටවාගෙන කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිවිසුමෙන් පිටවීම සඳහා ධාවනය කරමින් සිටියදී ලොරි රථය එකවරම පිවිසුම් මාර්ගයේ යකඩ වැටේ ගැටී ලොරිය පෙරළී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එම අවස්ථාවේදී ක්ෂණයකින් ලොරිය ගිනිගෙන දැවුණු බව සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසුවා.

ගින්න නිවීම සඳහා බද්දේගම අධිවේගී පිවිසුමේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණෙන විටත් ලොරිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබූ බව පොලිසිය සඳහන් කළා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

Share This