
අම්බලන්ගොඩ ඊයේ වෙඩිතැබීමේ සිද්ධියේ CCTV දර්ශන එළියට (CCTV VIDEO)
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ ඊයේ (04) උදෑසන වෙඩිතබා ඝාතනය කළ “කරන්දෙනිය සුද්දා”ගේ ඥාතියකු බව කියන පුද්ගලයාට රතු පැහැති මෝටර් රථයකින් පැමිණ ඔහු ගන්කළ යතුරු පැදිය හප්පා පසුව වෙඩි තබන ආකාරය දැක්වෙන CCTV දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ උදෑසන 10.30 ට පමණයි.
55 හැවිරිදි වරුෂවිතාන මිරන්ත නමැත්තා පෝරඹ ,අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සැක පළ කරන්නේ මි.මී. 9 වර්ගයේ පිස්තෝලයකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවටයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.
මිරන්ත අම්බලන්ගොඩ නගර සභාවට තරග කළ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු ද වනවා.
