අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු

අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු

තේ බොන ජාතියක් ලෙස සැළකෙන චීනය මේ වනවිට අමෙරිකාව අභිබවා කෝපි පානයෙන් ඉහළට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World Coffee Portal පෙන්වා දෙන්නේ පරිදි චීනයේ සන්නාම සහිත කෝපි (branded coffee) අලෙවිසැල් ප්‍රමාණය අමෙරිකාවේ අලෙවිසැල් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ පසුගිය මාස 12 තුළ ආරම්භ කර ඇති කෝපිහල් සංඛ්‍යාව 49,691 වන අතර එය 58% ක වර්ධනයක් වනවා.

මේ වසරේ චීනයේ Starbucks කෝපිහල් 785ක් විවෘත කර ඇති අතර එය ලොව දෙවන විශාලතම කෝපි සන්නාමය බවයි World Coffee Portal සඳහන් කරන්නේ.

එමෙන්ම චීනයේ Luckin Coffee අලෙවිසැල් 13,000 කට වඩා ඇති බවත් එය චීනයේ විශාලතම කෝපි දාමය බවත් සඳහන් වනවා.

සාමාන්‍යයෙන් චීනයේ කෝපි අවන්හලක පාරිභෝගිකයින් 4,000 කින් 90% කට වඩා සතිපතා උණුසුම් කෝපි පානය කරන අතර 64% ක් අවම වශයෙන් සතියකට වරක්වත් අයිස් කෝපි පරිභෝජනය කරන බව සඳහන්.

චීනයේ පාරිභෝගිකයින්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් සතියකට වරක් කෝපි හලකට යන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

කෙසේ වෙතත් අමෙරිකාවේ කෝපි දාමය 2025 වන විට චීනයේ වෙළඳසැල් ප්‍රමාණය ඉක්මවන බවයි World Coffee Portal වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This