අමෙරිකානු අධිකරණයකින් වසර 45ක සිර දඬුවම් නියම වූ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

අමෙරිකානු අධිකරණයකින් වසර 45ක සිර දඬුවම් නියම වූ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන Dairo Antonio Úsuga ට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 45ක සිර දඬුවම් නියම කර තිබෙනවා

ඔටෝනියෙල් ලෙසද හැඳින්වෙන Úsuga වසර නවයකට වැඩි කාලයක් කොලොම්බියාවේ කොකේන් කල්ලියේ බලවත්ම නායකයාව සිටි බවයි පැවසෙන්නේ.

ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පසුගිය ජනවාරි මාසයේදී වරද පිළිගත් බව සඳහන්

එක්සත් ජනපදයේ සහ කොලොම්බියාවේ රජයන්ගෙන් සහ තමා කළ අපරාධවලට ගොදුරු වූවන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් Dairo Antonio Úsuga පවසා සිටි බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනය ඔහුව ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම් කර තිබෙනවා

Úsuga 2021 දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වරද පිළිගැනීමට අදාළව මත්ද්‍රව්‍ය ආදායමෙන් ඩොලර් මිලියන 216 ක් නැවත භාර දී ඇති බවද සඳහන් .

ඔහු කොලොම්බියාවේ ගල්ෆ් ක්ලැන් කාටෙල් කල්ලියේ නායකයා වූ අතර එය රටේ බලවත්ම සහ ම්ලේච්ඡ කල්ලි වලින් එකක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පුළුල් ජාත්‍යන්තර සම්බන්ධතා ඇති මෙම කල්ලිය මත්ද්‍රව්‍ය හා පුද්ගල ජාවාරම්, නීති විරෝධී රන් කැණීම් සහ කප්පම් ගැනීම්වල නිරතවන බවත් කොලොම්බියාවේ සිට එක්සත් ජනපදයට සහ රුසියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට භාවිතා කරන බොහෝ මාර්ග ඔවුන් පාලනය කරන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා

Share This