අමෙරිකානු ආරක්ෂක ලේකම් ලබන සතියේ ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලබන සතියේ ඉන්දියාවට

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලබන 05 වනදා ඔහු ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි.

ඉන්දියාවට පැමිණීමට පෙර අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ජපානයේ සහ සිංගප්පූරුවේ සංචාරය කරනු ඇති.

ඔහුගේ තුන්වන ගමනාන්තය වන්නේ ඉන්දියාවයි.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ඉන්දීය සංචාරයේදී දෙරටේ ආරක්ෂක හවුල්කාරිත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා පළ වනවා.

එමෙන්ම මෙම මාසයේ සිදු කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය හමුවේ අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉන්දියාවට පැමිණීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This