අමෙරිකානු ගායන ශිල්පි Jimmy Buffett මිය යයි

අමෙරිකානු ගායන ශිල්පි Jimmy Buffett මිය යයි

අමෙරිකානු ගායන ශිල්පියෙකු මෙන්ම ගීත රචකයෙකු වූ Jimmy Buffett මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවුණා.

‘Margaritaville’ සහ ‘Fins’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහුගේ නිර්මාණ අතරට අයත් වන අතර ඔහු විසින් ගීත ඇල්බම 27ක් පමණ නිර්මාණය කර ඇති බව සඳහන්.

Jimmy Buffett මිය යාම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ඔහුගේ රසික රසිකාවියන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ශෝකය පළ කර ඇති ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සංගීත ශිල්පියෙකුට අමතරව Jimmy Buffett දක්ෂ කතුවරයෙකු ද වනවා.

Share This