අමෙරිකානු ජනපතිගේ සුනඛ Commandor ධවල මන්දිරයෙන් ඉවතට

අමෙරිකානු ජනපතිගේ සුනඛ Commandor ධවල මන්දිරයෙන් ඉවතට

අමෙරිකානු ජනාධිපති Joe Biden ගේ සුනඛ Commandor ධවල මන්දිරයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සුනඛයා ධවල මන්දිරයේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් ගණනාවක් සපා කෑ නිසා බවයි සඳහන් වන්නේ.

2021 දී හුරුබුහුටි බලු පැටියෙකු ලෙස ධවල මන්දිරයට පැමිණි Commandor වැඩි වශයෙන් පෙරට වඩා සපා කෑම්වලට සම්බන්ධ වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ධවල මන්දිරයේ සේවය කරන අයගේ සහ දිනපතා ඔවුන් ආරක්ෂා කරන අයගේ ආරක්ෂාව ගැන ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ගැඹුරින් සැලකිලිමත් වන බව ජනාධිපති ආර්යාවගේ සන්නිවේදන අධ්‍යක්ෂ Elizabeth Alexander, නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Bidens ගේ සුරතල් බල්ලා Champ 2021 දී වයස අවුරුදු 13 දී මිය යාමෙන් පසුව මෙම Commandor සුනඛයාව ධවල මන්දිරයට ගෙන ආ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This