අමෙරිකානු ජනපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් මේ වන විට වාර්තා කර තිබෙනවා.
ඒ ඡන්ද විද්‍යාල 277ක ජය තහවුරු කර ගනිමින්.
ජනාධිපති ධුරයට තේරී පත්වීම සඳහා ඡන්ද විද්‍යාල 270ක් දිනා ගැනීම අවශ්‍ය වන අතර ට්‍රම්ප් ඒ අනුව බහුතර ඡන්ද විද්‍යාල සංඛ්‍යාවක බලය තහවුරු කර ගනිමින් පැවති ජනාධිපතිවරණයේ ජය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙනවා.
ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හිමි කරගැනීමට සමත්ව ඇත්තේ ඡන්ද විද්‍යාල 226ක් පමණයි.