අමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පී රොබට් බ්ලේක් මිය යයි

අමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පී රොබට් බ්ලේක් මිය යයි

අමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පී රොබට් බ්ලේක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මිය යන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවුණා .

2001 වසරේ දී ඔහුගේ බිරිඳට වෙඩි තැබීම නිසා ඔහුට චෝදනා එල්ල වූ අතර පසුව නිදොස් කොට නිදහස් කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ඔහුගේ ලේලිය වන නොරීන් ඔස්ටින් හෘද රෝගයකින් රොබට් බ්ලේක් මිය ගිය බව තහවුරු කර තිබෙනවා.

1930 ගණන්වල අගභාගයේ ආරම්භ වූ වෘත්තීය ජීවිතය සමග, ඔහු සම්භාව්‍ය චිත්‍රපටයක් වන The Treasure of the Sierra Madre හි සහ 1967 දී Truman Capote ගේ In Cold Blood නවකතාවේ අනුවර්තනයක මිනීමරු Perry Smith ලෙස රඟපෑමෙන් සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා .

1997 වසරේදී Lost Highway චිත්‍රපටයටද සිය රංගන දායකත්වය ඔහු විසින් ලබා දුන්නා.

සිය බිරිඳට වෙඩි තැබීමේ චෝදනාව ට ඔහුව 2001 වසරේ දී අත්අඩංගුවට ගත් අතර ඊට පසු රංගන ජීවිතය සාර්ථක ලෙස කරගෙන යාමට ඔහුට හැකියාව නොලැබුණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This