
අමෙරිකාවට එරෙහිව නිත්‍යානුකූල ප්‍රතිචාර දැක්වීමට චීන රේගු බලධාරීන් සූදානම්
තම රටෙහි අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් නීත්‍යානුකූලව අමෙරිකාවට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව චීන රේගු පරිපාලනය පවසනවා.
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය 2025 වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවක දී මේ අදහස් පළ වී තිබෙනවා.
චීන රේගු පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වං ලිං චුවෙන් මහතා ඊට එක් වෙමින් මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ ආනයනය හා අපනයනය සම්බන්ධව කරුණු පැහැදිළි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගිය දා අමෙරිකාව අධික තීරුබදු පැනවීමෙන් චීන-අමෙරිකා වෙළඳාම ඇතුළු ගෝලීය වෙළඳ කටයුතුවලට සෘණාත්මක බලපෑම් එල්ල වී ඇතැයි ඔහු එහිදී කියා දන්වා තිබෙනවා.
මෙවන් පසුබිමක සිය නිත්‍යානුකූල අයිතීන් පමණක් නොව ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසි හා ජගත් යුක්තිය හා සාධාරණත්වය ද රැක ගැනීම උදෙසා චීනය ඊට දැඩි ප්‍රතිපියවර ගෙන ඇති බවයි සඳහන්ව ඇත්තේ.
කුමන බාධා තිබුණ ද චීනය වෙනස් නොවන අන්දමින් සිය විවෘතභාවය වඩාත් ඉදිරියට ගෙන යමින් විවිධ රටවල් සමග අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සහිත ආර්ථික හා වෙළඳ සහයෝගිතා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි වං ලිං චුවෙන් මහතා පවසා තිබෙන්නේ.
චීන මධ්‍යම රජයේ උපදෙස් හා තීරණ අනුව රේගු පරිපාලනයේ වගකීම් මැනවින් ඉටු කරමින් රටේ අයිතිවාසිකම් රැක ගනිමින් අමෙරිකාවට එරෙහිව අදාළ ප්‍රතිපියවර නිසි ආකාරයෙන් ගන්නා බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.