අමෙරිකාවට ලකුණු 195ක ඉලක්කයක්

අමෙරිකාවට ලකුණු 195ක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සහ අමෙරිකාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ අමෙරිකාව කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 194ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රාහී ඉලක්කය හඹා යන අමෙරිකා කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර පන්දුවාර 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටියා.

Share This