අමෙරිකාවෙන් යළිත් මතභේදාත්මක ප්‍රකාශයක්

අමෙරිකාවෙන් යළිත් මතභේදාත්මක ප්‍රකාශයක්

අමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරි ජෝන් කර්බි මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ මේදිනවල ජාත්‍යන්තරය තුළ දැඩි කතබහක් මතුව ඇති කියුබාවේ පිහිටා ඇතැයි කියන චීන කඳවුර පිළිබඳවයි.

ඒ අනුව අමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරි ජෝන් කර්බි පවසා ඇත්තේ කියුබාවේ චීන ඔත්තු කඳවුර වසර ගණනාවක සිට එහි පවතින බවයි.

ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ එවැනි කඳවුරක් ඉදිකිරීම සඳහා චීනය සහ කියුබාව අතර රහස් ගිවිසුමක් ඇති බවට පළවූ වාර්තා පෙන්ටගනය ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක් තුළයි.

කෙසේවෙතත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපාය මාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරක ජෝන් කර්බි පවසා ඇත්තේ කියුබාවේ සිට බුද්ධි තොරතුරු රැස්කිරීම චීනයට අලුත් දෙයක් නොවන බවයි

චීනයේ එවැනි ක්‍රියාකාරකම්වල අවධානම අවම කිරීමට අමෙරිකාව පියවර කිහිපයක්ම ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

Share This