අමෙරිකාවෙන් හවුති කැරලිකරුවන්ගේ භූගත අවි ගබඩාවලට ගුවන් ප්‍රහාර මාලාවක්

අමෙරිකාවෙන් හවුති කැරලිකරුවන්ගේ භූගත අවි ගබඩාවලට ගුවන් ප්‍රහාර මාලාවක්

යේමනයේ හවුති කැරලිකරුවන්ගේ භූගත අවි ගබඩා ඉලක්ක කර අමෙරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

අද පස්වරුවේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගුවන් ප්‍රහාර සඳහා අමෙරිකාව B-2 Spirit වර්ගයේ බහුකාර්ය යානා යොදාගෙන තිබෙන බව සඳහන්.

හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාව එවැනි යානා භාවිත කළ පළමු අවස්ථාව මෙයයි.

B-2 Spirit යනු න්‍යෂ්ටික යුධෝපකරණ පිරිනැමිය හැකි බහුකාර්ය බෝම්බ හෙළිය හැකි යානයක් ලෙසයි සැලකෙන්නේ.

මෙම ගුවන් ප්‍රහාරවලින් හවුති කැරලිකරුවන්ගේ භූගත අවි ගබඩා 5කට අමෙරිකාව ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Share This