අමෙරිකාවේ අනවසරයෙන් පදිංචි ශ්‍රී ලාංකිකයින් පිටුවහල් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

අමෙරිකාවේ අනවසරයෙන් පදිංචි ශ්‍රී ලාංකිකයින් පිටුවහල් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ නව ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අත්සන් තැබූ නව විධායක නියෝගයකට අනුව අනවසරයෙන් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණික ජනතාව පිටුවහල් කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙම ක්‍රියාව ජාත්‍යන්තරයේම මහත් ආන්දෝලනයකට පත්ව ඇති බව සඳහන්.

ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීති විරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් නව අමෙරිකානු පරිපාලනය විසින් මේ වන විට සකස්කර තිබෙනවා.

මේ වාර්තා අතර එලෙස පිටුවහල් කිරීමට නියමිත විදේශිකයින් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙක්ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This