අමෙරිකාවේ එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

අමෙරිකාවේ එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

අමෙරිකාවේ එතනෝල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

එම දුම්රියේ මැදිරි 22 ක් පීලි පැනීමත් සමග ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව පුර්වාරක්ෂක ක්‍රමවේදයක් ලෙස එරට Minnesota ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස ද එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම අනතුර සිදු වී පැය 14 කට අධික කාලයක් ගින්න පාලනය කරගත නොහැකිව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This