
අමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටෙයි
අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ ජනාකීර්ණ ප්‍රදේශයකට ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
කුඩා වර්ගයේ ගුවන් යානයක් නිවසකට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කඩා වැටුණු ගුවන් යානය ගිනි ගැනීමකට ද ලක්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි මගීන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
අනතුරට හේතුව ද අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.