අමෙරිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක් – වෙඩික්කරුත් මරුට

අමෙරිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක් – වෙඩික්කරුත් මරුට

අමෙරිකාවේ මිචිගන්හි දේවස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තෝමස් ජේකබ් සැන්ෆර්ඩ් ලෙස හදුන්වන 40 හැවිරිදි වෙඩික්කරු මෝටර් රථයක් දේවස්ථානය තුළට පදවා එහි ඉදිරිපස දොරටුවේ එය ගැටීමට සලස්වා තිබූ බවයි

අනතුරුව දේවස්ථානය තුළට වෙඩි තැබීමක් සිදු කර ඇති අතර පසුව ගිනි තැබීමක්ද සිදුකර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

කෙසේ වෙතත් පොලිසිය සමග වෙඩි හුවමාරුවේදී වෙඩික්කරුද එහි රථගාලේදී මියගොස් තිබෙනවා

එල්ල වූ ප්‍රහාරය සිය ගණනක් ජනතාව සහභාගී වූ ඉරිදා දේව මෙහෙයක් අතරතුර සිදු වූ බවද එම වාර්තාවල සඳහන්

Share This