අමෙරිකාවේ නව Covid ප්‍රභේදය ආසාදනය ඉහළට

අමෙරිකාවේ නව Covid ප්‍රභේදය ආසාදනය ඉහළට

නව COVID-19 ප්‍රභේදය EG.5 අමෙරිකාවේ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රට තුළ නව වෛරස් රෝගීන්ගෙන් සියයට 17ක් පමණ ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

නව ප්‍රභේදය Omicron කාණ්ඩයේ XBB ප්‍රතිසංයෝජක ප්‍රභේදය වනවා.

ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ ආචාර්ය David Ho කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඔහුගේ විද්‍යාගාරයේ මෙම ප්‍රභේද පරීක්‍ෂා කරමින් සිටින්නේ ඒවා මිනිස් ප්‍රතිදේහවලට කෙතරම් ප්‍රතිරෝධීවී ඇත්ද යන්න බැලීමටයි.

David Ho පවසන්නේ එන්නත් කරන ලද පුද්ගලයින්ට නව වෛරස උදාසීන කිරීමට හැකියාව ඇති බවයි.

සායනික වශයෙන්, මෙම ප්‍රභේදයන් ඒවාට පෙර පැමිණි වෛරස්වලට වඩා වෙනස් හෝ දරුණු රෝග ලක්ෂණ ඇති කරන බවක් නොපෙනේ.

EG.5 නව කොවිඩ් ප්‍රභේදය අයර්ලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජපානය සහ චීනය යන රටවල ද වේගයෙන් වර්ධනය වෙමින් පවතින අබ්වයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This