අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්?

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්?

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානි ධුරයට කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති Joe Biden තීරණය කර තිබෙනවා.

ඒ අනුව Lisa Franchetti එම තනතුර සඳහා යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය අමෙරිකාවේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ අදාළ නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු බව සඳහන්.

මෙම පත්කිරීමට සෙනට් සභාව අනුමැතිය ලබාදුනහොත් අද්මිරාල් Lisa Franchetti අමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ පළමු කාන්තාව ලෙස සැලකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This