අමෙරිකාවේ පිහි ඇණුමකින් එකම පවුලේ සිව්දෙනෙකු මරුට

අමෙරිකාවේ පිහි ඇණුමකින් එකම පවුලේ සිව්දෙනෙකු මරුට

අමෙරිකාවේ ක්වීන්ස් ප්‍රාන්තයේ සිදුකළ පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මියගිය අය අතර 11 හැවිරිදි ගැහැණු ළමයෙකු, 12 හැවිරිදි පිරිමි ළමයෙකු, 44 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 30 ක පිරිමි පුද්ගලයෙකු සිටින බව සඳහන්

මියගිය පිරිස එකම පවුලේ සාමාජිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ කාන්තාවක් රෝහල්ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

කෙසේ වෙතත් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මිය ගොස් තිබෙනවා

සැකකරු මීට පෙර ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අයෙකු බව ද සඳහන්

Share This