
අමෙරිකාව පැනවූ තීරු බදු ක්රමය ගැන සොයන්න පත්කළ කමිටුව, ජනපති හමුවෙයි
අමෙරිකාව විසින් නව තීරු බදු ක්රමය පිළිබඳව ගතයුතු ක්රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර දිසානායක මහතා සමග හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.
මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස ක්රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ලබාගත හැකි සහන පිළිබඳ ශ්රී ලංකා රජය හැකි ඉක්මණින් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.