
අමෙරිකා තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකරයි
අමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබෙනවා.
ඒ අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු පසුබිමකයි.
ශ්‍රී ලංකාවට පමණක් නොව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව තවත් රටවල් කිහිපයකම තීරුබදු අනුපාත පහත හෙළීමට අමරිකාව කටයුතු කර තිබෙනවා.
නමුත් අමෙරිකාව ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකෙරෙන 25% ක තීරුබදු ප්‍රතිශතය වෙනස්කර නැහැ.
ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 50%ක දැවැන්ත තීරු බදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ බ්‍රසීලයේ ආනයන මත පනවන ලද බද්ද 10%ක් දක්වා අඩුකර ඇති බවයි.