අමෙරිකා T10 ලීගය මෙවර SBC සහ ETV නාලිකා හරහා නැරඹීමට ඔබටත් අවස්ථාව

අමෙරිකා T10 ලීගය මෙවර SBC සහ ETV නාලිකා හරහා නැරඹීමට ඔබටත් අවස්ථාව

US Masters T10 League 2023 ලබන අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය රටවල් 90කට වැඩි සංඛ්‍යාවක විකාශය වන අතර මෙවර ශ්‍රී ලංකාවේ සිටින ඔබටත් එය නැරඹීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

ඒ අනුව SBC සහ ETV නාලිකාව හරහා US Masters T10 League 2023 නැරඹීමට ශ්‍රී ලාංකික ඔබට අවස්ථාව හිමි වනවා.

මෙම තරගාවලිය තරග 25කින් සමන්විත වන අතර Atlanta Riders, California Knights, Morrisville Unity, New Jersey Tritons, New York Warriors සහ Texas Chargers යන කණ්ඩායම් මෙහිදී තරග වැදීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩකයින් විශාල පිරිසක් මෙවර US Masters T10 League 2023 සඳහා එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12දෙනෙකු ද මෙම තරගාවලියට සඳහා එක්වනවා.

තිසර පෙරේරා, TM ඩිල්ශාන්, උපුල් තරංග සහ චාමර කපුගෙදර ද ඊට ඇතුළත්.

US Masters T10 League 2023 සමාරම්භක උත්සවය ෆ්ලොරිඩා හි Lauderhill පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලොව මීළඟ දැවැන්තම ක්‍රිකට් ආකෘතිය ලෙස හඳුන්වන T10 ලීග අතරින් US Masters T10 League 2023 වැදගත් ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා.

ඒ, ලොව පුරා කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඊට සහභාගී වීම හේතුවෙන්.

මේ නිසා ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ඉහළ අවධානයක් මෙවර US Masters T10 League 2023 සඳහා හිමිව තිබෙනවා.

Share This