අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක්

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක්

සංචාරක ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් ලබා ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 256ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි.

තරගයේ ලකුණු සටහන පහතින්

Share This