
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද
2025 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (18) ආරම්භ වී තිබෙනවා.
අද දිනයේ සිට ලබන 25 වන දින දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන්.
එමෙන්ම පෙබරවාරි මස 25 වන දින පස්වරු 6.00 ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා අයවැය විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම විසර්ජන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිත බව සඳහන්.