අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව සීරුවෙන්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම්
සිදු කරමින් සිටින බව සඳහන්

එමෙන්ම පදවිය, මාඔය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන මහ ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ජිවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කර තිබෙනවා

එම සහන කණ්ඩායම්, අද උදෑසන (19) වන විටද ජලයෙන් යටවී ඇති පදවිය බුද්ධන්ගල මාර්ගය හරහා මහජනතාවට ආරක්‍ෂිතව ගමන් කිරීමට පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටින බව සඳහන්

මීට අමතරව දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් පනහක් (50) සූදානම් කර තිබෙනවා

Share This