අයහපත් කාලගුණයෙන් සතියක් තුළ රුවන්ඩාවේ 130 ක් මරුට

අයහපත් කාලගුණයෙන් සතියක් තුළ රුවන්ඩාවේ 130 ක් මරුට

රුවන්ඩාවට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ පුද්ගලයින් 130 දෙනෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනයත් සමග හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එරට තවත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකට ද තුවාල සිදුව ඇති බව සඳහන්.

එමෙන්ම නිවාස 5000 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර පුද්ගලයින් 2500 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව සිටින පිරිස් සොයා එරට බලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This