අයිතීන් ඉල්ලන ඇෆ්ගන් කාන්තාවන් පැහැර ගැනීමක්

අයිතීන් ඉල්ලන ඇෆ්ගන් කාන්තාවන් පැහැර ගැනීමක්

කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරය කේන්ද්‍ර කරගෙන විරෝධතාවල නිරත වූ ක්‍රියාකාරිනියන් දෙදෙනෙකු පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ කාන්තා ක්‍රියාකාරිනියන් දෙදෙනා කාබුල්හි සිය නිවසේ රැදී සිටියදී මෙළෙස පැහැර ගැනීමකට ලක්ව ඇති බවයි.

මෙම පැහැරගෙන යාමට තලේබාන් සංවිධානය සම්බන්ධ බවට එරට කාන්තා සංවිධාන චෝදනා කරනවා.

කෙසේවෙතත්, ටෙ‍ලෝ නිවුස් වාර්තා කරන්නේ තලේබාන් සංවිධානය මෙම වාර්තා චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවයි.

ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රියාකාරිනියක වන වහිඩ් අම්රි සදහන් කළේ මොවුන් ‍සොයා ගැනීම සදහා වහා මැදිහත් වන ලෙස කාන්තා සංවිධාන එක්සත් ජාතීන් ඇතුළු අන්තර් ජාතික ප්‍රජාව වෙත විශේෂ ඉල්ලීමක් ද සිදුකර ඇති බවයි.

Share This