අයිවරි කෝස්ට් අගනුවර බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 14ක් මරුට -70කට වැඩි පිරිසකට තුවාල

අයිවරි කෝස්ට් අගනුවර බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 14ක් මරුට -70කට වැඩි පිරිසකට තුවාල

අයිවරි කෝස්ට් අගනුවර වන යමුසූක්‍රෝ නගරයට ආසන්නයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සහ කාන්තාවන් පස් දෙනෙකු වන බවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

එක් බස් රථයක අවමංගල්‍ය උත්සවයකට යමින් සිටි විදේශිකයන් ඇතුළු පිරිසක් රැගෙන යමින් සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අනතුරට නිශ්චිත හේතුව තහවුරු කර නොමැති බවද සඳහන් වනවා

Share This