අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යයි (VIDEO)

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරා යයි (VIDEO)

නිරිතදිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Grindavik ධීවර නගරයෙන් පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මෙම පිපිරීම එරට දේශීය වේලාවෙන් 22:17ට නගරයට උතුරින් ආරම්භ වූ බවයි අයිස්ලන්ත කාලගුණ කාර්යාලය පවසන්නේ

Reykjavik අගනුවර අවට කලාපය ඔක්තෝබර් අග සිට භූමිකම්පා ක්‍රියාකාරකම්වල වැඩි වීමක් අත්විඳිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවට පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා

ලාවා තත්පරයට ඝන මීටර් 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් ගලා යන අතර ගිනිකන්දේ ඉරිතැලීමේ දිග කිලෝමීටර 3.5 ක් පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .

අයිස්ලන්තය සති කිහිපයක් තිස්සේ විභව ගිනිකඳු පිපිරීමක් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ අතර, පසුගිය මාසයේ බලධාරීන් විසින් ජනතාවට Grindavik වෙතින් පූර්වාරක්ෂාව ලෙස ඉවත් වන ලෙස නියෝග කර තිබුණා.

Share This