අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ගිනිකඳු පිපිරීමක් සිදුවන බවට අනාවරණය වී ඇති නිසා අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිරිතදිග Grindavík නගරයේ වෙසෙන දහස් ගණනකට පූර්වාරක්ෂාව ලෙස ඉවත් වන ලෙසයි එරට බලධාරීන් නියෝග කර ඇත්තේ.

අයිස්ලන්ත කාලගුණ කාර්යාලය (IMO) පවසන්නේ magma (ලාවා) විශාල ප්‍රමාණයක් Fagradalsfjall ගිනි කන්ද මතුපිට පැතිරී ඇති අතර එහි පිපිරීමක් සිදුවිය හැකි බවයි.

Fagradalsfjall ගිනිකන්ද අවට භූ කම්පන විශාල වශයෙන් මෑත සති කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.

2021දී Fagradalsfjall ගිනිකන්ද පුපුරා යාමට පෙර වසර 800ක් පමණ අක්‍රියව පැවති බවයි සඳහන් වන්නේ.

බ්‍රහස්පතින්දා, ප්‍රදේශයේ වැඩි වූ භූ කම්පන ක්‍රියාකාරකම් හේතුවෙන් අසල පිහිටි නිල් කලපු සන්ධිස්ථානයද වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This