
අයිස් මත්ද්‍රව්‍ය ජවාරම් කළ තරුණයින් දෙදෙනෙක් වැලිකන්ද, කටුවන්විල ප්‍රදේශවාසීන් අල්ලා පොලිසියට බාරදෙයි
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද, කටුවන්විල නගරයේ මුස්ලිම් ජනතාව අතරින් අයිස් මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයන් දෙදෙනෙකුට කටුවවිල පල්ලියේ ප්‍රධාන පූජකතුමා ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එක්ව ඊයේ රාත්‍රියේ අල්ලා ගැනීමට කටයුතු කළා.
පල්ලියේ ප්‍රධාන පූජකතුමා ඇතුළු නගරයේ කිහිපදෙනෙකුට මොවුන් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය විකුණන පුද්ගලයන් බවට තොරතුරු ලැබී තිබූ තොරතුරක් මත මෙලෙස සෝදිසියෙන් සිට තිබෙනවා.
ඔවුන් ගැන අධීක්ෂණයෙන් සිටි ප්‍රදේශවාසීන් ඊයේ රාත්‍රියේ කටුවන්විල පල්ලිය අසල ප්‍රදේශයේ සැක කටයුතු ලෙස සැරිසරමින් සිටින විට පුද්ගලයින් දෙදෙනකු අල්ලාගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් 70,000 දහසකට ආසන්න මුදලක් සොයා ගත්තා.
පසුව ඊයේ රාත්‍රීයේම කටුවන්විල ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රදේශවාසීන් එක්ක මොවුන් රඳවාගෙන උදෑසන වැලිකන්ද පොලිසියට දන්වා අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ මුදල් , අයිස් මත්ද්‍රව්‍ය සමග බාරදීම සිදු කළා.
මෙලෙස අත්අඩංගුවට දෙදෙනා වයස අවුරුදු 25 ත් 30 වයස් කාණ්ඩවල පසු වන විවාහකින් බව අනාවරණය කරගෙන තිබෙනවා.
එහිදී අදහස් දැක්වූයේ කටුවන්විල විද්‍යාලයේ ගුරුවරයෙක් සඳහන් කර සිටියේ පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මොවුන් මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන යන බවයි.