අයිස් සමග කටුනායකදී ඇල්ලූ සැකකරු

අයිස් සමග කටුනායකදී ඇල්ලූ සැකකරු

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියාවේ සිට එම පුද්ගලයා පැමිණ ඇති අතර ඔහු සතුව තිබී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 26ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

අදාළ සැකකරු රැගෙන යාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පුද්ගලයෙකු සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

Share This