
අයිස් සමග ලංගම රියදුරා සහ බිරිඳ පොලීසියට මාට්ටු
අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ලංගම බස් රථ රියදුරෙකු හා ඔහු ගේ බිරිඳ අයිස් පැකට් දහයක් සමග අඔගස්දෝව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට පැවසුවේ ඌව පරණගම-රහුපොල ප්‍රදේශයේ දී සැකකාර කාන්තාව අයිස් පැකට් දෙකක් සමග පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර ඇගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකාර බස් රථ රියදුරා අත්අඩංගුවට ඇතිබවයි.
වැලිමඩ-නුවරඑළිය මාර්ගයේ රේන්දපොල ප්‍රදේශයෙන් සැකකරු බස් රථය ධාවනය කරමින් සිටිය දී පොලීසිය මගින් අයිස් පැකට් අටක් සමග අත් අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු කැප්පෙටිපොල ලංගම ඩිපෝවට අනුයුක්තව රාජකාරී කරන අයෙකු බව පොලීසිය සදහන් කළා.
