අයිස් සමග සැකකරුවන් 5 ක් බුත්තලින් අල්ලයි

අයිස් සමග සැකකරුවන් 5 ක් බුත්තලින් අල්ලයි

බුත්තල ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදා දුන් ජාවාරමක් පොලිසිය විසින් වටලා සැකකරුවන් පස් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී පිළිවෙලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 300 ක්,ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 600 ක්,මිලි ග්‍රෑම් 510 ක්, මිලිග්‍රෑම් 430 සහ මිලිග්‍රෑම් 430 ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙනීමට සමත් වුණා.

පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් බුත්තල , බඩල්කුඹුර සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව‍යි.

 

 

Share This