අය වැයෙන් රු.කෝටි 1400 කට ආසන්න මුදලක් සංවර්ධන කටයුතුවලට වෙන්කරලා – ජනපති

අය වැයෙන් රු.කෝටි 1400 කට ආසන්න මුදලක් සංවර්ධන කටයුතුවලට වෙන්කරලා – ජනපති

මෑත කාලයේ ආණ්ඩුවක් ප්‍රාග්ධන වියදම ලෙස වෙන් කළ විශාලතම මුදල වන රුපියල් බිලියන 1400 කට ආසන්න මුදලක් මෙවර අය වැයෙන් සංවර්ධන කටයුතු සදහා වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති තුමා මේ බව සදහන් කළේ අද පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාතර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධී කරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

මේ වසර අවසන්වීමට පෙර ප්‍රතිපාදන නිසි පරිදි වැය කරමින් අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට දායකවීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන් ගේද වගකීමක් බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තව දුරටත් පැවසුවේ දේශපලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් විසින් ගනුලබනතීන්දු තීරණ වල වින්දිතයන් බවට පත්ව ඇත්තේ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති පොදු ජනතාව බවයි.

ජනාධිපතිවරයා පැවසුවේ මේ වසරේ සියයට 05 ක ආර්ථික ව‍ර්ධනයක් අපේක්ෂා කරන බවයි.

 

 

Share This